පව්කාරයා සහ දුෂ්ඨයා කරන පව් දෙසබලා ඔවුන් දෙදෙනාගේ වෙනස අදුර ගැනීමට නොහැකිය. මක්නිසාද යත් මොවුන් දෙදෙනාම එකලෙස පව් කරයි. එසේනම් මොවුන් දෙදෙනාගේ වෙනස අදුරගන්නේ කෙසේද?
පව්කාරයාද දුෂ්ඨයා මෙන් පව්කලත් පව්කාරයාව පසුතැවිල්ල කරා මග පෙන්විය හැකිය. එමනිසා පව්කාරයෙක් ගැලවීම කරා පැමිනෙයි. යේසුස්වහන්සේ පොළවට පැමිනියේ මෙවැනි පව්කාරයන් ගැලවීම කරා ගෙනයනු පිණිසි. ලූක් ශුභාරංචි පොතෙහි යේසුස්වහන්සේ මෙසේ පවසා ඇත;
‘පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් පසුතැවිලිවීමට කැදවන්ට මම නාවෙමි’යි කීසේක. (ලූක් 5:32)
නමුත් දුෂ්ඨයා කිසිදිනක තමන්හේ පව් ගැන පශ්චත්තාප වන්නේ නැත. එමනිසා දුෂ්ඨයා කිසිදිනක ගැලවීම උරුමකරගන්නේ නැත. දහසක් අවුරුදු රාජයට යෙසුස්වහන්සේ දෙවන වරට පොළොවට පැමිණෙන විට මෙම දුෂ්ඨයන්ට සිදුවන දෙය පහත දේව වචනයේ සදහන්ව ඇත.
යෙසායා 11:4
ධර්මිෂ්ඨකමින් දිළිදුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් විනිශ්චයකරනසේක. ස්වකීය මුඛය නැමති යෂ්ටියෙන් පොළොවට පහරදී, තමන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ඨයන් මරණසේක.
(එළිදරව්ව 19:11-16 ද කියවන්න )
No comments:
Post a Comment