Sunday, April 21, 2013

බයිබලයේ ඇති පොරොන්දු

කොන්දේසි රහිතනොවන බයිබලයේ පොරොන්දුවක් ඔබට පෙන්විය හැකිද?

දෙවියන්වන්සේගේ ප්‍රේමය කොන්දේසි රහිතය, නමුත් දෙවියන්වහන්සේගේ සියලුම පොරොන්දු කොන්දේසි සහිතය. බයිබලයේ බොහෝ පොරොන්දු ඇත. ඒ සියලු පොරොන්දු කොන්දේසි සිහිතය.

මෙම පොරොන්දු අප හිමිකර ගැනීමට නම් විවිධ කොන්දේසි අප විසින් සම්පූර්ණ කලයුතුව ඇත. උදාහරනයක් ලෙස ගැලවීමේ පොරොන්දුව දෙස බලන්න. දේව වචනය මෙසේය:

මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සැමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසයි. (යොහන් 3:16)

නුඹ පරිස්සමින් ඉහත සදහන් දේව වචනය කියෙව්වොත් ඔබට පෙනෙනවා ගැලවීමේ පොරොන්දුව ලබනු පිණිස අප විසින් සම්පූර්ණ කලයුතු කොන්දේසිය. ඔව්, එය තමයි 'විශ්වාස කිරීම'.  

අද අපගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ අවශ්‍යතාවයන් සදහා යාච්ඤා කිරීමේදි, බයිබලයේ පොරොන්දු උපුටා ප්‍රකාශ කරයි. නමුත් මෙම පොරොන්දු වල පිටුපස තිබෙන කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වෙන සියලු දෙනාගේ අත්දැකීමනම් මෙම පොරොන්දු ප්‍රායෝගිකව ලගා කරගත නොහැකි හුදෙක් බයිබලයේ වචන වලට පමණක් සීමාවුනු ඒවා පමණක් බවයි.

එමනිසා, ඔබ බයිබලයේ පොරොන්දුවක් ප්‍රකාශකරන විට එම පොරොන්දුව ලබා ගැනීමට එයට පිටුපස සම්පූර්ණ කිරීමට ඇති කොන්දේසිය හෝ කොන්දේසි ගැන දැනගෙන එවා ඔබ විසින් සම්පූර්ණ කර තිබේද නැද්ද යන්න සොදිසිකර බැලීමට අම්තක නොකරන්න.

No comments:

Post a Comment