Tuesday, April 9, 2013

කන්ද උඩ දේශනාව (12 වෙනි කොටස)

'කන්ද උඩ දේශනාව' නමින් ඉදිරිපත් කර ඇති මෙම දේශන මාලාවේ, මතෙව් ශුභාරංචි පොතෙහි පරිච්ඡේද අංක 5, 6 සහ 7 හි සදහන් යේසුස්වහන්සේ ඉදිරිපත් කල කන්ද උඩ දේශනාවේ ගැඹුරු ආත්මික කාරණා ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම යටතේ එළිදරව් කර ඇත.   

 

'ඉල්ලාපල්ලා! සොයාපල්ලා! තට්ටුකරපල්ලා!' 

යමකුගේ ආත්මික වයස ඔහු හෝ ඇය ගැලවීමට පැමිණි දවස සැලකිල්ලට ගනිමින් ගණනය කළ නොහැකිය. මක්නිසාද  ඔබේ ආත්මික වයස යනු ඔබ ආත්මිකව  වර්ධනය වී ඇති ප්‍රමානයයි. ආත්මික තලයේ වයස් මට්ටම් 3 ක් ඇත.
1. ආත්මික ළදරුවන් 2. ආත්මික වැඩුනු අය 3. ආත්මික පරිණතබාවයට ගිය අය.

තමන්ගේ ආත්මික වයස මැනබැලීමට මෙන්න ක්‍රමයක්...

තමන්ගේ අවශ්‍යතාවයන් දෙවියන්වහන්සේගෙන් ලැබීමට කල යුතු ක්‍රියාකාරකම්  3 ක් යේසුස්වහන්සේ මතෙව් 7:7 හි පෙන්වා ඇත. එනම්...

1. ඉල්ලාපල්ලා 2. සොයාපල්ලා 3. තට්ටුකරපල්ලා

දෙවියන්වහන්සේගෙන් ඔබේ අවශ්‍යතාවයන් ලබා ගැනීමට  ඉහත ක්‍රියාකාරකම් 3 න් ඔබ කරන ක්‍රියාකාරකම කුමක්ද? ඔබේ ක්‍රියාකාරමෙන් ඔබේ ආත්මික වයස නිරූපනය වෙනබව ඔබ දන්නවාද?

 

 

No comments:

Post a Comment